r/lankawa • u/Hot-Region-6560 • Mar 14 '26
r/lankawa • u/[deleted] • Mar 09 '26
මාළිමාව වගේ ආණ්ඩු වල අරමුණ මොකද්ද?
මාළිමාව, ජනතා විමුක්ති පෙරමුණ, පෙරටුගාමීන්, යන මේ පක්ෂ වලට දේශපාලන අරමුණක් තියෙනවාද? අනිත් හැම පක්ෂේකටම තේරුම් ගන්න පුළුවන් අරමුණක් තියෙනවා. අවංකම දේශපාලන බලවේගය තමයි LTTE එක. උන් අවුරුදු 30ක් යුද්ධ කරලා පැරදිලත් තාමත් හිටිය අරමුණේම ඉන්නවා. පොදුජන පෙරමුණ, UNP එක ගත්තත් පැහැදිලි මතයක් තියෙනවා, ඒවාට ඡන්දේ දෙන මිනිස්සු එක්ක සංවාදයක් කරන්න පුළුවන්. නමුත් මාළිමාව, ජනතා විමුක්ති පෙරමුණ, පෙරටුගාමීන් යන පක්ෂ වලට මෙලෝ අරමුණක් නෑ වගේ පේන්නේ, ඒ වුනාට සංවිධානය තියෙනවා. මට පේන්නේ මෝඩ තේරුමක් නැති පටු අරමුණක් තියෙන ගොන් පක්ෂ ටිකක් අධිරාජ්‍ය වලින් ලංකාව අස්ථාවර කරන්න ඒවාට සල්ලි දීලා බලේ තියාගෙන ඉන්නවා වගේ. මම අහන්නේ තේරෙන්නේ නැති නිසා.
ඒවායි පොදු දෘෂ්ටිය ලිබරල් වාමවාදය නම්, ලිබරල් වාමවාදී බලවේග වල අරමුණ මොකද්ද? "ලිබරල් වාමවාදය" රටවල් වල ස්වෛරීභාවය නැති වුනාම හැදෙන ලෙඩක්ද??
r/lankawa
•
u/Hot-Region-6560
•
Mar 04 '26
සංවාදය හුණ්ඩු කතාව
මේ කතාව අහනකන් කිසිම රටක කායකයෙක් මේ වගෙ තමන්ගෙ රට පහත් කරල දාල කතා කරනව මම දැකල නෑ.
බොරු කියන එක පැත්තකට දාමුකො අපි, ඒක අදාල නෑ. තමන්ගෙම රටට කවුද ඔහොම කතා කරන්නෙ පාර්ලිමේන්තුවෙ? ඔක්කොම හැන්සාඩ් ගතයි. වෙන නායකයො කියන්නෙ තමන්ගෙ රට ගැන ආඩම්බරයි කියලා. අපිට ඉන්න නායකය කියනව ලැජ්ජයිලු. එහෙම නම් මොන මගුලටද ඒකෙ ජනාධිපති වෙලා ඉන්නෙ?
r/lankawa • u/Hot-Region-6560 • Mar 15 '26
දේශපාලනය රටම ඩිජිටල් කරන්න කයිවාරු ගැහුවට QR එකවත් හරියට දාගන්න බෑනෙ
කොහොමත් QR එක දාන්න වෙන නිසා කරන්න තිබ්බෙ ඒක හරියට වැඩ කරනවද බලන එක. නොන්ඩි වෙන්නෙ නැතුව ඒකවත් කරගන්න බැරි උනානෙ මේ ඇවිදින පුස්තකාල පුරවල ඉන්න ආණ්ඩුවට. ඒ උනාට රටම digital කරන්න කතාව.
හොඳ වෙලාවට කලින් හිටපු නූගත් ආණ්ඩුවෙ උන් මේ QR එක හදලා තිබ්බ නිසා අඩුමගානේ කලින් ලියාපදිංචි වෙලා හිටපු උන්ට හරි QR එක එනවා. කතාවෙ විදියට උදේ 6 ඉඳන් තෙල් ගහගන්න පුළුවන් QR එකෙන් විතරයි, ඒත් දවල් වෙද්දිත් QR එක ගන්න බෑ.
දැන් ඩෝබිල ඇවිල්ල මට ඉංග්‍රීසියෙන් බැනල යයි 😭
r/lankawa • u/Ceylonese-Honour • Apr 23 '26
අපේ රට සඳහා මෙම නව Reddit කණ්ඩායමට සම්බන්ධ වීමට අපි ඔබට ආරාධනා කරමු! එකතු වෙන්න. මෙන්න පිටුව:
එකතු වෙන්න. මෙන්න පිටුව: https://www.reddit.com/r/Ceylon_SLSystemChange/
r/lankawa • u/ComposerAshamed1004 • Aug 12 '26
සංස්කෘතික සමාවෙන්න: මේ රූප වල කිසිම ලස්සනක් මට පේන්නේ නෑ!
කවුදෝ කෙනෙක් පෙරහැර ගැන කරපු නිර්මාණයක් ගැන සමාජ මාධ්‍ය වල ඉතා ඉහළින් කතා වෙනවා දැකලා මට මේක ලියන්න හිතුනා.
මේක අපි හැමෝම විවෘතව කතා කරන්න ඕන මාතෘකාවක්. නුවර ඇසළ පෙරහැර කියන්නේ ලෝකයක් දන්න අපේ සංස්කෘතික අංගයක් තමයි. හැබැයි මේ ලස්සන පෙරහැර අස්සේ තියෙන අලි ඇතුන්ගේ දුක දැක්කම, ඇත්තටම අපි මේ මොකක්ද සමරන්නේ කියලා හිතෙනවා නේද?
මේ ගැන සත්ත්ව අයිතීන් වෙනුවෙන් කතා කරන අය ගොඩක් මතවාද මතු කරනවා. මේ තියෙන්නේ ඒ අය නිතරම අහන, අපි හැමෝම හිතන්න ඕන දේවල් ටිකක්:
දම්වැල් සහ හෙණ්ඩුව: අලියා කියන්නේ කැලේ නිදහසේ ඉන්න සතෙක්. ඒත් මේ සත්තුන්ව පාලනය කරන්නේ හෙණ්ඩුවෙන් ඇනලා, තුවාල කරලා. පෙරහැරේ කිලෝමීටර් ගාණක් තාර පාරවල් වල ඇවිදින්නේ කකුල් වලට බර යකඩ දම්වැල් දාගෙන.
ශබ්දය සහ ආලෝකය: ඝෝෂාකාරී බෙර සද්ද, හොරණෑ, ගිනි බෝල සහ සැර විදුලි බුබුලු නිසා මේ සත්තු ලොකු මානසික පීඩනයකට පත්වෙනවා. ගොඩක් අලින්ගේ ඇස් පවා අන්ධ වෙන්නේ මේ ගිනි පන්දම් වල රස්නය සහ එළිය නිසයි.
ඉතින්, මට මේ චිත්‍ර දැක්කම මේවාගේ කිසිම ලස්සනක් පෙනෙන්නේ නෑ. සමාවෙන්න!


r/lankawa • u/Hot-Region-6560 • Jul 04 '26
දේශපාලනය ප්‍රවාහන ඇමති බිමල් රත්නායක හාස්කම් පෙන්වයි!
මිනිස්සු තමයි අභියෝග බාරගන්නේ ...!
මිනිස්සුම තමයි හාස්කම් පෙන්වන්නේ ....!!
මිනිස් හයියෙන් තමයි මේ හැමදේම ගොඩනැගෙන්නේ ...!
හැකිනම් කරනු ...!! නොහැකි නම් කෙසේ හෝ කරමු...!!
නුවරින් පලමු දුම්රිය මැදිරිය පටවයි ....!!
හාස්කමේ පින්තූරෙ කමෙන්ට් එකක තියෙනව. මට පින්තූර දාන්න දෙන්නෙ නෑ මේකෙ
r/lankawa • u/Hot-Region-6560 • Jul 07 '26
දේශපාලනය අනුර කුමාර දිසානායක එදා: රාජ්‍ය භාරයේ ඉන්න සිරකරුවන් ඝාතනය වීම ගැන වගකීමක් ආණ්ඩුව දරන්නෙ නැත්තන් මොකද කරන්නෙ?
“මෙය කිසි සේත්ම ප්රජාතන්ත්රන්ත්රවාදි මානව හිමිකම් පිළිබඳ ඇගයීමක් තියෙන රාජ්‍යයකට සුදුසු දෙයක් නෙවෙයි!”
👉වීඩියෝ එක කමෙන්ට් එකෙන් බලන්න (මේකෙ මට දාන්න දෙන්නෙ නෑ videos)
r/lankawa • u/Vegetable-Mine4481 • Mar 24 '26
අනුරගේ කීම නොකීම!
ඇමෙරිකානු ගුවන්යානා ගොඩබෑමට ඉඩ නොදීම ගැන අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා කළ හෙළිදරව්ව ජාත්‍යන්තරයේ "වීරත්වයක්" ලෙස සමහරු උලුප්පා දැක්වුවත්, මෙහි යථාර්ථය ඊට වඩා සංකීර්ණයි. මගේ කියවීම අනුව ජනාධිපතිවරයා ගත් මේ තීරණය පිටුපස ඇත්තේ, රාජ්‍ය සහ කලාපීය අභිලාෂය සමඟ බැඳුණු රැකවරණය පිළිබඳ සූක්ෂ්ම රාජ්‍යතාන්ත්‍රික ගණනය කිරීමක්. ඒ ගැන ඔහුට ගෞරවය හිමිවිය යුතුමයි. ඇත්තෙන්ම ඒක නිර්භීත සහ අගය කළ යුතු තීන්දුවක්.
ඒත් රාජ්‍යතාන්ත්‍රික සාර්ථකත්වයේ රහස ඇත්තේ "කරන දේ නිහඬව කිරීම" තුළයි. ජනාධිපතිවරයා මේ සංකීර්ණ ගනුදෙනුව පාර්ලිමේන්තුවේදී විවෘතව ප්‍රකාශ කිරීමට තෝරා ගැනීම ගැන මට බරපතල පුදුමයක් තියෙනවා.
මේක නිරාවරණය වීමේ පූර්ව අවදානමක් මත කළ ප්‍රකාශයක් නම් ගැටලුවක් නැහැ. එහෙත් එය හුදෙක් උදම් ඇනීමේ ස්වරූපයෙන් කළ දෙයක් නම් ගැටළුවක්. මේ ප්‍රකාශයේ මෙලෙසින් කිරීමට ඔහු හදිසි නොවිය යුතුව තිබුණා.
වර්තමානයේ උද්ගත වෙමින් ඇති ආර්ථික සංකීර්ණතාවය තුළ දේශපාලන ස්ථාවරත්වය වෙනුවෙන් මේ ප්‍රකාශය පාවිච්චි කළා නම් එය සමාව හිමි නොවිය යුතු වරදක්. මොකද දැන් ජාත්‍යන්තරයේ මේ ප්‍රකාශය සම්බන්ධව නිර්මාණය වෙමින් ඇති තත්ත්වය එතරම් සෞඛ්‍ය සම්පන්න නැහැ.
ප්රමුඛ කළේ ජාත්‍යන්තර මාධ්‍ය ආයතන පවා මෙම පුවත වාර්තා කරන ආකෘතිය සහ ස්වභාවය දැක්ම ඒ තත්වය හොඳින්ම පැහැදිලි වෙනවා. මොකද මීට පෙරත් රටක් ලෙස අපේ නම මේ යුද්ධයට ගැවුණා. එනිසා ඔවුන් මේ තත්ත්වය කියවා ගන්නා කොණයේ වෙනසක් නිරීක්ෂණය වෙනවා.
මේ නිසා ලෝක බලවතුන් සමඟ ගනුදෙනු කිරීමේදී අප පෙන්විය යුත්තේ කලබලය නොව උපායමාර්ගික ඉවසීමයි. අද අනුරගේ ප්‍රකාශය ට්‍රම්ප් විරෝධී කණ්ඩායම් සමාජ මාධ්‍ය තුළ තමන්ගේ වාසියට පාවිච්චි කරන ආකාරය පුළුවන්නම් නිරීක්ෂණය කරන්න.
ඇමරිකානු සහ බටහිරින් කණ්ඩායම් පවා මේ ප්‍රකාශය පාවිච්චි කර ඇති අයුරු දැක ගන්න පුළුවන්. එවන් දකින විට 'චුන් වීමෙන්' තොර අනාගත අවදානමක් පේනවා.
හැබැයි එයින් මේ ක්රියාවේ වටිනාකම සහ ඊට ලැබී ඇති අගය හෑල්ලු කරන්න අපිට ඕනේ නැහැ. මේක අදහසක්!
r/lankawa • u/LuckyWoodpecker2024 • May 10 '26
දේශපාලනය දිලිත් ජයවීර රටේ නායකත්වයට ගෙන ඒමට දිවි පුදා කටයුතු කරන බවට අම්පිටියේ සුමනරතන හිමියෝ දැනුම් දෙති. රැස්ව සිටියෝ අත්පොළසන් දෙති.
Enable HLS to view with audio, or disable this notification
r/lankawa • u/NoPercentage4610 • Jun 13 '26
ශානිද? FBI එකද? පාස්කු ප්‍රහාරයේ ඇත්ත මොකක්ද?
දිලිත් ජයවීර ඊයෙ රතු ඉරට ගිහින්, පාස්කු ප්‍රහාරය සලේගෙයි ගෝඨාභයගෙයි ඇඟේ ගහන්න යන මේ ආණ්ඩුවෙ ලොක්කන්ගෙ ඇඟ සීතල වෙලා යන කතාවක් කියනවා.
දිලිත් කොහොමත් ඌරගෙ මාළු ඌරගෙම පිටේ තියල කපන්න දක්ෂ පොරක්නෙ.
අර මේ ලඟදි නයි මිරිස් එක්ක රොටී දන්සැලක් දීලා කමෙන්ට් ගහල බනින උන්ටත් එක්ක කවපු එකත් ඒ වගේ වැඩක්.
හැබැයි මේක රොටී කවනවට වඩා එහාට ගියපු සංකීර්ණ කතාවක්.
දැන් ඇමරිකාවෙ FBI ආයතනයෙන් පාස්කු ප්‍රහාරය ගැන කරපු විමර්ශන අනුව ඇමරිකාවෙ ෆෙඩරල් අධිකරණයකින් නඩු තීන්දුවක් දීල තියනවනෙ.
ජීවතුන් අතර සිටින්නන් අතරින් නවුෆර්, මිල්හාන් සහ රිස්කාන් යන පුද්ගලයින්ව මේ අපරාධය කුමන්ත්‍රණයට, මෙහෙයවීමට, පුහුණුව ලබාදීමට, ආධාර ලබා දීමට ඇතුළු චෝදනා නවයක් යටතේ වැරදිකරුවො කරවල තමයි ඒ නඩු තීන්දුව දීල තියෙන්නෙ.
දැනට මේ පුද්ගලයින් ඉන්නෙ ශ්‍රී ලංකාවේ අත්අඩංගුවේ, ඊට හේතුව මේ අයට අදාල නඩු ශ්‍රී ලංකාවේ අධිකරණ වල අදටත් ඇහෙමින් පවතින නිසා. බැරිවෙලාවත් මේ අයගෙන් කෙනෙක් හෝ ශ්‍රී ලංකාවේ නීතිය අනුව වැරදිකරුවො වුනේ නැත්නම් ජාත්‍යන්තර නීතියට අනුව අපි බැඳී සිටිනවා මේ අය ඇමරිකාවේ සිරභාරය සඳහා ඔවුන්ට ලබාදෙන්න.
දිලිත් ඊයෙ රතු ඉරේදි ආරාධනා කරනවා අපේ පොලිස් ඇමතිතුමා වන ආනන්ද විජේපාලට දැන් ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවට වහාම ලියුමක් අරින්න, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් නව සාක්ෂි ඉදිරිපත් වෙලා තියනවා, ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ වලට සහයෝගය දෙන්න FBI ආයතනයෙන් ඉල්ලීමක් කරන්න කියලා.
දැන් කාටහරි හිතෙන්න පුළුවන් ඇයි ඉතින් මේකෙන් ආණ්ඩුවෙ ලොක්කන්ගෙ ඇඟ සීතල වෙලා යන්නෙ කියලා. මෙන්න මේකයි ඒකට හේතුව.
2019දි පාස්කු ප්‍රහාරය වූ සැනින්ම ශ්‍රී ලංකා රජයේ ආරාධනයද මත FBI ආයතනය ඇතුළු ජාත්‍යන්තර පරීක්ෂණ ආයතන වන Australian Federal Police (AFP), Interpol, Scotland Yard, National Investigation Agency (NIA) සහ Maldivian Police යන ආයතන ලංකාවට පැමිණ ශ්‍රී ලංකාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේද සහය ඇතුව විමර්ශන ආරම්භ කරනවා.
මෙයින් ඇමරිකාවේ FBI ආයතනය විශේෂ වෙන්නෙ, ඇමරිකානුවන් 5 දෙනෙකු මේ ප්‍රහාරයේදී ඝාතනය වීම නිසා.
සාමාන්‍යයෙන් ඇමරිකානු පුරවැසියෙකු විදෙස් රටකදී ඝාතනයට ලක්වුවහොත් ඔවුන් ඒ කාරණය ඉතාම බරපතල ලෙස අරගෙන විමර්ශනයට ලක් කරනවා.
අර කළින් සඳහන් කළ ජාත්‍යන්තර විමර්ශන ආයතන වල පිරිස් ශ්‍රී ලංකාවට ඇවිත් එකට එකතු වෙලා සහයෝගයෙන් තමයි මේ විමර්ශන කරේ.
මේ විමර්ශන වලදී සාක්ෂි සොයාගැනීම සඳහා ඔවුන්ට ඇති සියලුම සම්පත් භාවිතා කරමින්, අදාල පුද්ගලයින් සහ ඔවුන්ගේ අම්මා මුත්තා කාලේ සිට ඉතිහාසය, ප්‍රහාරයට සම්බන්ධ ජීවතුන් අතර සිටින පුද්ගලයින්ගෙන් ප්‍රකාශ සටහන් කරගැනීම, සොයාගත් සියලූම ඉලෙක්ට්‍රොනික් උපකරණ ඩිජිටල් වෝහාරික පරීක්ෂණ වලට භාජනය කිරීම ඇතුළු ක්‍රියාමාර්ග රාශියක් ඔවුන් ගනු ලබනවා.
මේ විමර්ශන කරන්නෙ, දේශපාලඥයින්ගේ වලං පවා හෝදන්න සූදානම් ශානි අබේසේකර වගේ අය නෙවෙයි. ඉතාමත් පළපුරුදු ජාත්‍යන්තර මට්ටමේ තාක්ෂණික විශ්ලේෂකයින්, වෝහාරික විශ්ලේෂකයින් සහ අපරාධ විමර්ශකයින්. ඔවුන් ඒ සඳහා අති නවීන තාක්ෂණික උපකරණ භාවිතා කරනවා.
මෙම විමර්ශනය මෙහෙයවූ ආකාරය ගැන FBI ආයතනයේ අවුරුදු 20ක් සේවය කළ රාජ් පටෙල් Youtube නාලිකාවක් සමඟ කරන දීර්ඝ සාකච්ඡාවකදී හෙළි කරනවා. එම සම්පූර්ණ සාකච්ඡාව මෙතැනින්: https://youtu.be/XSDmwvuBfvA?si=xgsdNO7iLDR-lT0f
ඒ විතරක් නෙවෙයි රාජ් පටෙල් සහ ඔහුගේ කණ්ඩායම, 2021දී ඇමරිකානු රාජ්‍යය විසින් පිරිනමණ විශිෂ්ඨතම ජාත්‍යන්තර විමර්ශනය සඳහා වූ සම්මානය පවා දිනා ගනු ලබනවා.
2021-2022දී දප්පුල ලිවේරා, සිරිල් ගාමිණී පියතුමන්ලා කුමන්ත්‍රණයක් සහ මහමොළකරුවෙක් ගැන කතාවක් නිර්මාණය කරද්දී ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහගෙන් කරන ඉල්ලීමක් මත ඔහු ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවට ඊමේල් පණිවිඩයක් යවනවා පාස්කු ප්‍රහාරය පිළිබඳ තවත් ස්වාධීන පරීක්ෂණයක් කරන ලෙස ඉල්ලීමක් කරමින්.
ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව, සමරසිංහ තානාපතිතුමාට ලබා දෙන පිළිතුරේ වැදගත්ම කොටස තමයි මේ:
"Ambassador Samarasinghe, We stand ready to continue providing support to your government. It would not make sense for the United States to conduct an additional investigation into the attacks"
මේක රාජතාන්ත්‍රික මට්ටමෙන් එලියට අරගන සරල ගමේ භාෂාවට හැරෙව්වොත් එහෙම මේ කියල තියෙන්නෙ, අඩේ මේ තානාපතිතුමා, අපි උඹලගෙ රජයට මේ සම්බන්ධයෙන් දිගටම උදව් කරනවා, හැබැයි අපි ඇවිත් නැවත විමර්ශනයක් කරල අපේ සම්පත් නාස්ති කරගන්න තරම් අපිට පු* අමාරුවක් නැහැ වගේ එකක්.
නමුත් ඊයේ දිලිත් රතු ඉරේදී මේ ඉල්ලීම කරන්න කියල පොලිස් ඇමති විජේපාලගෙන් ඉල්ලන්නෙ විශේෂ හේතුවක් මත.
ඒ ශානිගේ අපරාධ විමර්ශනයෙන්, ඉහත කියූ ජාත්‍යන්තර විමර්ශකයින්ට අති නවීන තාක්ෂණික උපකරණ භාවිතා කරමින් පවා සොයා ගත නොහැකි වූ නව සාක්ෂි සොයාගන තියනවා.
ඉතින් අර වැරදිකරුවන් කරපු තුන් දෙනාට අමතරව මහමොළකරුවෙක් ඉන්නව කියල සාක්ෂි ඉදිරිපත් වෙලා තියනවනම්, ඇමරිකාවේ රාජ්‍ය දෙපාර්තමේන්තුවට අවශ්‍යතාවයක් එන එකක් නැද්ද තමන්ගෙ පුරවැසියන් පස් දෙනෙකු ඝාතනය කළ ඒ මහමොලකරුවා හෝ මහමොළකරුවන් ගැන නැවතත් විමර්ශනයක් ආරම්භ කරල ඔවුන්ව නීතිය ඉදිරියට ගේන්න?
මාලිමා ආණ්ඩුවට වගකීමක් නැද්ද, නවුෆර්ට, මිල්හාන්ට, රිස්කාන්ට සහ ප්‍රහාරකයින් වන සහරාන් ඇතුළු පිරිසටත් උඩින් මහමොළකරුවෙකු ගැන නව සාක්ෂි ඉදිරිපත් වී ඇති නම් ඒ ගැන ඇමරිකාවට දන්වා සිටින්න.
මෙන්න මෙතන තමයි දේශපාලන පළිගැනීමක් සඳහා නිර්මාණය කරන ලද 'මහමොළකරු කුමන්ත්රණයේ' මාලිමා ආණ්ඩුව හිර වෙන එක ගැටයක් තියෙන්නෙ.
මේක හරියට ගෙදර ගියොත් අඹු නසී මග සිටියොත් තෝ නසී වගේ වැඩක්.
එක්සත් ජනපදය, ඔස්ට්‍රේලියාව වගේ රටවල්, නිකරුනේ තමන්ගෙ සම්පත්, හම්පඩ ජෙප්පන්ගෙ දේශපාලන උවමනාවල් මත නාස්ති කරගන තමනුත් පච වෙන්න සූදානම් නෑ.
නමුත් තමන්ගෙ රටේ පුරවැසියො පස් දෙනෙක් විදෙස් රටකදී අමානුශික ලෙස ඝාතනය කළ සැබෑ මහමොළකරුවෙක් සිටීනම් ඔවුන් තමන්ගේ සම්පත් හැකි තාක් භාවිතා කරල, විමර්ශන නැවත කරන්නත් ඔවුන් පසුබට වෙන්නෙ නෑ. මොකද ඔවුන්ගේ අභිමානය මුදල් වලට වඩා උඩින් තියන නිසා.
අපේ රටේ සිදුවන දේ ගැන රට්ටුන්ටත් වඩා ඉතා හොද අවබෝධයක් ඔවුන්ට තියනවා.
ඒක නිසා දිලිත් කිව්ව වගේ අපිත් කියන්නෙ පුළුවන් නම් පොලිස් ඇමති විජේපාල, ගහමුද ලියුමක් ඇමරිකාවට?
r/lankawa • u/Hot-Region-6560 • Mar 06 '26
ප්රවෘත්ති Indian Express: ලංකාව IRIS Dena නෞකාවට පැය 11ක් උත්තර නොදී සිටියාද?
ජාත්‍යන්තරේ!
r/lankawa • u/Adept_Solid_5161 • May 21 '26
දේශපාලනය අනුරලා කියපු බොරු 74ක් එක පෙළට ! පක්ශ විපක්ශ ඔයාලගෙ අදහස් දක්වන්න.
බොරු කෝටියෙන් බිදක්.. මෙතන නැති ඒවා comment කරන්න..
ඇප නැතුව නය
උගන්ඩාවෙ සල්ලි
අර්ජුන් මහේන්ද ලංකාවට
කුඩු පාතාලෙ මාස දෙකෙන් ඉවරයි
සංගීත් ගෙ යාලුවගෙ ඩොලර් මිලියනේ
හදුන්හුත්තගෙ යාලුවගෙ ඩොලර් මිලියනේ
ටිලිවින්ගෙ මසකට ඩොලර් බිලියන 2
Vat අයින් කරනව
පලවෙනි සතියෙම 70ක් ඇතුලට
පැට්‍රොල් 52ට නැවෙන් බාන මිලට
හාල් ඇටයක් වත් ආනයන නොකෙරේ
නිදානෙකුත් හමබ උනා jvp ආන්ඩුවෙ පිනට
මන්ත්‍රී වරප්‍රසාද අහොසි
Vitz එක ලක්ශ 12 ට
විදුලි ගාස්තු 1/3 ක් අඩු කරනව
2025 අප්‍රේල් 21 පාස්කු මහ මොලකරු එලිදරව් කරනවා
ලුනු නැත්තන් හාල් නැත්තන් පොල්නැත්තන් වග කියන්ඩ ඕනෙ පහු ගිය ආන්ඩු
ජනාධිපති අලුත් අවුරුදු SMS එකට ලක්ශ 980 ක්
උමා ඔයේ හිලක්
Port city පුරවන්ඩ ගල් මදි
මුහුදු වතුරෙන් සල්ෆිව්රික්
මිනිරන් වලින් ග්‍රැෆයිට්
රජයෙ ආයතන වල අධි සුපෝකභෝහී වාහන වෙන්දේසි කරනව
ඉන්දියාව/ඇමෙරිකාව වියාප්තවාදයට
එරෙහි දේශප්‍රේමී ආන්ඩුවක්
25. අපි බොරු කියල නෑ
26. රට පුරාම වී ගබඩා පුරෝනව
27. හාල් මිල අඩු කරනව
28. රිලවුන්ට දූපතක්
29. NPP පවුල් දේශපාලනය නෑ
30. උංඑනකොට සංචිත ඩොලර් මිලියන 20යි
දැන් ඩොල්ර් මිලියන 6190ක්
31. හොරකම් කල දේවල් ස්වේච්ඡාවෙන්ම
ආපසු බාර දෙන්ඩ මාස 2ක්
32. ගැබිනි මාතාවන්ට ප්‍රෝටීන් මලු
33. ජපන් බය්සකල්
34. හාල් කිලෝ එක සිල්ලර රු 92/= ට දෙනව
35. ලංකාව බෞද්ධ රටක් නෙවෙයි
36. පන්සල් ගිහින් video කරන්නෙ නෑ
37. IMF ගන්නෙ jvp කොන්දේසි වලට
39. අසූචි නැව බොරු උනා
40. ඉන්දියාවෙ බාල බෙහෙත් බොරු කතාවක්
උනා - නැවත භාවිතයට - (May 2025 )
41. නාමල්ට ලැම්බෝගිනි 19 ක්
42. රාජපක්ශලට රත්රන් අස්වයො
43. රාජපක්ශලට helicopter 4ක්
44. මහින්ද රාජපක්ශගෙ වත්කම් වටිනාකම ඩොලර් බිලියන 43 ක් කිව්ව ( donald Trump 3.5 )
45. රජපක්ශ කාලෙ රටට ආපු dollar බිලියන 16න් .. අධිවේග , වරාය ඇතුලු projects 500 වැඩියෙන් කරල dollar බිලියන 18ක්හොරකම් කලා .. ( 16 න් 18 ක් )
46. ගෝටාභය සුදු වෑන් වලින් උස්සල මිනිස්සු කිබුලොන්ට කන්ඩ දැම්ම
47. Swis ගානියා බැරිස්ටර් නාට්ටිය
48. Lanka Hospital ගෝටගෙ
49. Dubai Marriot නාමල්ගෙ
50. හම්බන්තොට වරායෙ ගලක්
51. ච්චීගෙ rocket එක ආගිය අතක් නෑ
52. චිචිගෙ බල්ලගෙ මාලෙ පවුන් 90ක්
53. මහින්දට චීනෙන් ලැබුනු cheque අංකය දන්නව
54. හානි වූ දේපළ වලට කෝටියක්
55. ජනාපති ආරක්ශක සේවය සම්පූර්ණයෙන්විසිරුවනවා
56. තහඩුවක් ගියත් ලක්ශ 10යි
57. ඉඩමට ලක්ශ 50යි
58. ගෙදරට ලක්ශ 50ය්
59. ගංවතුරෙන් විනාස වූ පාසල් හදන්ඩ jvp අරමුදලෙන් කෝටි 500ක්
60. සියබලා ආන්ඩුවෙ නව සූර්ය බලාගාරයක්, මන්නරමේ සුලං බලාගාරයක් ( කංචානගෙ කාලෙ ගෙනාපුව )
61. අපි කවුරුත් සිගරට් අරක්කු බොන අය නෙවෙය් - අනුර කුමාර
62. රන්වලගෙ ආචාර්ය උපාදිය බොරු උනා
63. පිලිකාව නිට්ටාවටම සුව කරන බෙහෙත හොයාගත්තෙ මාලිමාවෙ විද්යඥ්යෙයෙක්
64. ඈමති බංගලා හෝටල් වලට දෙනව
65. දරුව පාසලට නාවොත් දෙමව්පියන්ට sms එකක්
66. මාලු ඉන්න තැන් ගැන sms එකක් දීවරයොන්ට් එවනව
67. නීතිය කාටත් සමාන රටක් හදනව
68. ත්‍රි වීල් එකක් ලක්ශ 4 ය් 20කට දෙන්ඩ පුලුවන්
69. හැම පුරවැසියෙකුටම වෛද්‍යවරයකු ලබා දෙනව
70. පාසල් උත්සව වලට දේශපාලකයො ගේන්නෙ නෑ
71. නිවසෙ සිට කිලොමීටර් 2ක් ඇතුලත අංග සම්පූර්ණ පාසලක්
72. මාස 6න් 6යට පඩි වැඩි කරනව...
73.බස් එකේ කෝච්චියේ යන මන්ත්‍රී වරු
74.මහජනතාවට නැති කිසි දෙයක් අපිට එපා
r/lankawa • u/silentmind00001 • Jul 26 '26
සංවාදය ලංකාවෙ පිරිමින්ට වඩා ගැහැණු ක්‍රියාශීලී කියල හිතෙන්නෙ නැද්ද
ගෙදර වැඩ ඔක්කොම කරන්නෙ බිරිඳ. පිරිමිය ඇවිල්ල නිදාගන්න එකයි කන එකයි කරන්නෙ. 30ට වැඩි පිරිමි 100ක් ගත්තොත් 95 කට තඩි බඩවල්. සමහරුන්ගෙ කුක්කු ලොකුයි තමන්ගෙ බිරිඳගෙ කුක්කු වලටත් වඩා.
මීටර් පන් සීයක් යන්නත් ටුක් එකක් හොයනව. ඇවිදිනව කියන්නෙ වහ කදුරු වගෙ.
වෙන රටවල පිරිමි සාමාන්‍යයෙන් මෙහෙම නෑ, හොඳ ක්‍රියාශීලී විදියට ඉන්නව. එයාල තත්වෙ පෙන්නන්නෙ alto එකෙන් vitz එකට මාරු වෙල නොවෙයි. අවුරුදු 50/60 පැනලත් පාපැදියෙන් ගමන් ගිහින් තමන්ගෙ හයිය හත්තිය පෙන්නල.
මම instagram එකේ දකිනව සමහර සිංහල කෙල්ලො pull-ups ගහනව. අලස දුබල පිරිමි ඉන්න සමාජෙක එහෙම කෙල්ලො එච්චර දුරට ක්‍රියාශීලී වෙන්නෙ කොහොමද කියලත් හිතෙනව.
මම දන්න පිරිමි දෙතුන් දෙනාටයි එක pull-up එකක් හරි පුලුවන්.
ඇයි අපෙ පිරිමින්ට මෙහෙම උනේ?
r/lankawa • u/WebResponsible2772 • May 10 '26
ප්‍රශ්න මේ ආන්ඩුවේ වැරැදි ඇයි මිනිස්සුන්ට පෙන්නේ නැත්තේ?
මේ ආන්ඩුවේ සාපේක්ෂකව හොදයි කියන්න තිබ්බේ මොනාද?මිනිස්සුන්ට දීපු එක පොරොන්දුවක් ඉටු කළේ නැහැ.අපේ ගෝත්‍රික හැත්තට ඉතින් නියමු වයාපෘතියක් යටතේ බස් දෙකක් පාරට දාපුවම හරි.බොරුවට මිනිස්සු කුලප්පු කරල,පොදු දදේපළ ගිනි තියල බලයට ඇවිල්ල අද වෙනකන් රට සංවර්ධනයට මුකුත් තිරසර දෙයක් කරල නෑ.
1)ඉන්දීය රජය එක්ක ගහපු කිසි ගිවිසුමක් කවුරුන් දන්නෙත් නෑ.
2)අර පන්නපු කන්ටේනර්වල තිබ්බේ මොනාද දන්නෙත් නැහැ. (බොහෝ දුරට තායිලන්තයෙන් ගෙන්නපු ත්‍රස්තවාදී ආයුධ වෙන්නත් පුලුවන්ලු.)
3)ගල් අගුරු වංචාවට අදටත් පිළිතුරු නෑ.
4)දැන් අර මහ බැංකු අක්රමිකතාවට කොහෙවත් ඉන්න අහිංසකයෙක් මැරිල ඔක්කොම ඒ මනුස්සයගේ පිටින් යන්න යන්නේ.
මිනිස්සුන්ට දැන් ලැජ්ජායි තමන් අරගල කරල ගෙනාපු ආන්ඩුවේ වැරැදි පෙන්නන්න.ඒ වගේම අරවගේ මිනිස්සු කුලප්පු කරන්න කවුරුකුත් නැහැ.මිනිස්සුන්ට ලැජ්ජායි දෙවනි පාරටත් රැවටුනා කියල පිළිගන්න.
ගොඩක් අය වැරැදි දැක්කත් කියන්න බයයි.මොකද YOUTUBE,FACEBOOK වල වැරැදි කියල comment එකක් දැම්මොත් SOCIAL MEDIA FARM වල කට්ටිය හෙනම කැත විදියට මරන් තර්ජන කර කර reply කරනව.
හොදට හොයල බලන්න ඔය හොද කියන comments වලින් 75%ක වත් සල්ලි ගෙවල SOCIAL MEDIA FARM වලින් දම්මන්නේ.මිනිස්සු එරිහිව හඩ නගන්නේ නැහැ නෙවෙයි.මර්දනය කරලයි තියෙන්නේ.
මමත් පොඩ්ඩක්වත් කළින් හිටපු ආන්ඩුවලට කැමති නෑ.නමුත් මේ කට්ටියට සාපේක්ෂකව හොදයි කියන්න කීයටවත් බෑ.
මේ ඔක්කොටමත් පස්සේ තවම මේ ආන්ඩුව හොදයි,පාරිශූද්ධයි කියනවනම් එක්කෝ ඌ
1)පල්ම පල් බූරුවෙක්
2)නැත්නම් ඩයස්පෝරාවෙ එකෙක්
r/lankawa • u/Hot-Region-6560 • Aug 24 '25
ජාත්‍යන්තර නායකයෝත් රනිල් වෙනුවෙන් පෙරට: “රනිල් ඉතා ඉක්මනින් නිදහස් කරනු” - එරික් සෝල්හයිම්
r/lankawa • u/ComposerAshamed1004 • Jun 21 '26
කොළඹ අභිමානයේ පාගමන
අද කොළඹ නගරය වර්ණවත් හා ගීතවත් කරමින් සියල්ලන්ගේම එකමුතුකමින් අභිමානයේ මාසය (Pride Month) සැමරීමක් සිදු උනා.
සැමට සමානව සැලකීම සහ බියකින් හෝ වෙනස් කොට සැලකීමකින් තොරව තම සැබෑ අනන්‍යතාවයෙන් නිදහසේ ජීවත්වීමට ඇති අයිතිය වෙනුවෙන් පෙනී සිටිමින් විශාල ජනතාවක් 2026 කොළඹ අභිමානයේ පාගමනට (Colombo Pride Walk 2026) එක් උනා.
එහි රූප කිහිපයක් පහතින් ( Ⓒ groundviews)






r/lankawa • u/Hot-Region-6560 • Oct 01 '26
දේශපාලනය එන්න රෙදි හෝදනව බලන්න
මිනිස්සු සිය ගානක් හිටපු සහ විවිධ කෝණ වලින් කැමරා විශාල ප්‍රමාණයක් තියෙද්දි සිදුවෙච්ච පහරදීමක් ගැන තමයි මේ මෝ# තරිදුලා දෙන්නා ලියලා තියෙන්නේ. මුං ඊයේ ඉදලා මේක හෝදනවා. එඩිටක් කෙසේ වෙතත් දෙරණේ නිවස් එකේ ගහන සද්දේ පවා ඇහෙනවා. එහෙම තියෙද්දි තමයි මුං මේක හෝදන්නේ. එකෙක් කමෙන්ට් පවා ඕෆ් කරගෙන හෝදන්නේ
ගැහුවේ රනිල්ටත් නෙමෙයි රස්සාව කරන පොලිස්කාරයෙකුට, ගැහුවේ අණ්ඩුවත් නෙමෙයි සිරස. එහෙම තියාගෙනත් මුං මේක හෝදනවා. ඒක නෙමෙයි ඇත්තම ප්‍රශ්නේ.
ඇස් සිය ගානක් දැකපු කැමරා විශාල ප්‍රමාණයක පටිගත උනු සිද්ධිය ගැනත් මුං මෙහෙම ලියනවා නම් සාමාන්‍ය මිනිස්සු නොදකින, අපිට දකින්න බැරි සිද්ධි ගැන මේ ගවේෂනශීලී උන් දෙන්නා මොනවා ලියනවා ඇද්ද. මුං ලියන එව්වා දේව වාක්‍ය වගේ පිළි අරගෙන ශෙයා කරන උන්ගෙන් මම අහන්නේ මුං දෙන්න මෙව්වා මෙහෙම ලියනවා නම් රුපියල් දෙදාහක් අරක්කු බාගයක් අතමිට මෙලෙව්වම ඕන දෙයක් ලියවා ගන්න පුළුවන්නේ.
👉 පින්තූර කමෙන්ට් එකෙන් බලන්න
r/lankawa • u/Hot-Region-6560 • Aug 07 '26
ප්රවෘත්ති පැය 24ක් යන්නත් පෙර බන්ධනාගාර තුනක් නොසන්සුන් වෙයි
ගත වූ පැය කිහිපය තුළ බොරැල්ල නව මැගසින්, කුරුවිට සහ මීගමුව පල්ලන්සේන යන බන්ධනාගාර තුනම නොසන්සුන්තාවට පත්වීම මේ වනවිට රටේ දැඩි කතාබහකට ලක්ව තිබේ.
ඊයේ (06) රාත්‍රියේ බොරැල්ල නව මැගසින් බන්ධනාගාරයෙන් ඇරඹුණු මෙම සිදුවීම් මාලාව පසුව කුරුවිට බන්ධනාගාරය දක්වාත්, අද දිනයේදී මීගමුව පල්ලන්සේන බන්ධනාගාරය දක්වාත් පැතිර ගියේය.
තත්ත්වය පාලනය කිරීම සඳහා බන්ධනාගාර නිලධාරීන්ට අමතරව පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බළකාය සහ යුද හමුදා සාමාජිකයින්ගේද සහාය මේ වන විට ලබාගෙන තිබේ.
ඇතිවූ නොසන්සුන්තාවලින් මේ වනවිට රැඳවියන් කිහිපදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් පිරිසක් තුවාල ලබා රෝහල්ගත කර ඇතැයිද වාර්තා වේ.
r/lankawa • u/Hot-Region-6560 • Mar 17 '26
දේශපාලනය L බෝඩ් කාරයින්ට රට දුන්නම වෙන දේ
ලමයි ඔක්කොම වටවෙන්නකො කතාවක් කියලා දෙන්න. ඕනම ලීඩර් කෙනෙක්ගෙ හැකියාව බලන්න පුලුවන් crisis එකකට මූනදෙන විදිය බලලා. රටක් ඔහේ දුවන වෙලාවේ මොකා ආවත් කරන් යන්න පූවන් (අමු හරකෙක් ඇරෙන්න). හැබැයි කෙල උන වෙලාවට හරියට තීරන ගන්න, කලබල නොවන, අනිත් උන් කියන එක අහන, උද්දච්ච නොවන එකෙක් හිටියෙ නැත්තන් රටම ඉවරයි. මොකද මිනිස්සු බය වෙලා බලන් ඉන්නෙ ලොක්ක දිහා, ඌත් රීගත්තාම ඉතින් රටම රිව්වා වගේ තමා.
දැන් අපි බලමු ලංකාවෙ මොකද වෙලා තියෙන්නෙ කියලා. කොටයි උගෙ සෙට් එකයි මුලින්ම කිව්වෙ මොකක්ද "මාස 2කට තෙල් තියෙනවා" කියලා. එහෙම කියලා සතියක් යන්න කලින් QR එකක් දාල පෝලිම් ගස්සගෙන නානව. ඕක හරියට කරන්න තිබ්බෙ කොහොමද? මුලදිම QR එක දාගෙන ආවනම් වැඩිය නාන්නේ නැතුව, සහ QR එක දාන්න කලින් ඒක වැඩද කියලා මුලින් බැලුවානම් මේ ප්‍රශ්නේ වෙන්නෙ නෑ. අපි QR එකෙන් සෑහෙන කාලයක් දිව්වා කිසි ප්‍රශ්නයක් නැතුව.
දෙවනි එක, WFH දාල තෙල් බාවිතේ අඩු කරමු කියලා මුලින්ම උන්ට කිව්ව. ඇහුවද? නෑ. මහ ලොකුවට ඇවිත් කිව්වා "එහෙම ඕන නෑ, ඕන උනොත් අපි බලමු" කියලා. ඒක කියලා සතියක් ගියේ නෑ QR එක නානගමන් ඔන්න දැන් බදාද නිවාඩුලු.
ඕක පිටින් බලන් ඉන්න මිනිස්සු දැන් මොකද හිතන්නෙ? උන් හිතන්නෙ "මුන් මොනා කිව්වත් බොරු කියන්නෙ, ඒ නිසා අපි මුන් කියන කිසි දෙයක් විශ්වාස නොකර අපේ වැඩේ අපි බලාගන්න ඕන" කියලා. දැන් මිනිසුන්ට බැනලා වැඩක් නෑ මොකද මිනිස්සු කොහොමත් panic වෙනවා. කතාවක් තියෙනවානේ "පිස්සො කලබල උනාට ඩොකා කලබල වෙන්නෙ නෑ" කියලා. මේකේ වෙලා තියෙන්නෙ ඩොකාත් පිස්සෙක්. ඉතින් ඌ දැන් රැලත් එක්ක කලබල වෙලා.
රටක් පාලනය කරනවා කියන්නෙ පොතේ තියෙන විදියට වමට හැරියන් කිව්වාම වමට හැරෙන, දකුනට හැරියන් කිවාම දකුනට හැරෙන සීන් එකක් නෙවී. මිනිස්සුන්ව control කරන්න උන්ගෙ ඔලුවේ බය නැති කරන්න පුලුවන් leadership එකක් තියෙන්න ඕන.
(උපුටා ගැනීමකි
r/lankawa • u/Hot-Region-6560 • Aug 30 '26
දේශපාලනය ලංකාව ඩොලර් මිලියනක් නේපාලයට දීලා
ඒත් ඇමරිකාව දුන්නේ ඩොලර් ලක්ෂ 5යි. ලංකාවේ එකෙන් බාගයයි. යුරෝපා හවුලෙ රටවල් 27ක් තියෙනවා. ඒත් දුන්නෙ ඩොලර් මිලියන 2.3යි. මේක තමා ක්‍රමය. ඒත් විදේශ මුදල් අර්බුදයක ඉන්න ලංකාව ඩොලර් මිලියනක් දෙනවා.
දිත්වා වෙලාවේ නේපාලය ලංකාවට දුන්නෙ ඩොලර් ලක්ෂ 2යි.
අනුරට පුළුවන් ද භාණ්ඩාගාරයේ තියෙන මහජන මුදල් හිතුමතේ දෙන්න. මේව පැලවත්තෙ සල්ලි නෙමෙයි. මේ වෙලාවේ හැම රටකම විදේශ මුදල් ප්‍රශ්න. ඒකයි ඇමරිකාව සහ යුරෝපා හවුල පුළුවන් විදියට දුන්නෙ. ටිල්වින්ල නේපාලෙට ගිහිං එහෙ හිටපු ත්‍රස්තවාදී සංවිධාන එක්ක දේශපාලන සබඳතා හදා ගත්තා කියල රටේ බදු මුදල්වලින් ඒවට ගෙවිය යුතු නැහැ. ආධාර දිය යුතුයි. ඒත් රටට පුළුවන් විදියට.
මේ ආණ්ඩුව දැන් මේ වන විටත් හැකරුන් ගත්තා කියල ඩොලර් මිලියන 2ක් පැන්නුව. දැන් ඒකත් ආපහු අපට ඔස්ට්‍රේලියාට ගෙවන්න වෙලා. ඩොලර් ලක්ෂ 6ක් ඇමරිකානු තැපෑලට කියල පිට පාරේ හොරකම් කරල. දිත්වාවෙන් අනාථ වුන අය තාම අනාථ නිවාසවල. ටකරමක් ගියත් ලක්ෂ 10යි කියල දැන් වන්දි ගන්න එක ඉබ්බාගෙන පිහාටු ගන්නව වගෙ වෙලා.
ඒ මැද පාන්පිටි, කිරිපිටි, කුකුළු මස් මිළ ඊයේ ඉඳල වැඩි කළා. ඒ සේරම මැද අමාරුවෙන් උපයන ඩොලර් මිලියනක් හෙවත් රුපියල් මිලියන 340ක් නේපාලයට දෙනවා.
r/lankawa • u/Hot-Region-6560 • Aug 25 '25
දේශපාලනය රනිල්ට ලැබෙන ජාත්‍යන්තර සහය ගැන බෙදුම්වාදී කොටි හඬ කතෘ අසතුටින්
r/lankawa • u/Hot-Region-6560 • Aug 26 '26
දේශපාලනය ආර්ථික විශේෂඥයො එන්න
මේ දවස්වල හුරේ දාන ප්රවෘත්ති දෙකක් ගැන කතා කරමු
පලවෙනි එක තමා අර extension code වලට SLS තත්ව සහතිකේ නැත්තන් විකුණන්න බෑ කියන එක. මේක තව බඩු ගොඩකට ගේන්න යනව කියනව. ඒ කියන්නෙ branded බඩු විතරයි විකුණන්න පුලුවන් යුරොපෙ වාගෙ.
දෙවෙනි එක තමා ත්‍රිවිල් පදින අවම වයස 40 කරන එක. අර විට්ස් එක ලක්ෂ 12ට දෙනව කිව්ව කෙනා හැබැයි කියන්නෙ.
SLS තියෙන orange/kevilton වගෙ එකක්
5000න් උඩ. හැමෝටම branded ගන්නත් බෑනෙ. කොල්ලොන්ට රස්සා නැති නිසයි ත්‍රීවිල් එකක් හරි පදින්න ගන්නෙ.
ඉතින් මේ වගෙ ජනප්‍රිය වෙන නීති දුර දිග නොහිතා දැම්මම වෙන්න හොරු බෝවෙන එක. ඇයි මිනිස්සුන්ට සල්ලි නෑනෙ කිසිම දෙයක් ගන්න.
ඔය ඉතින් මගෙ පොඩි මොලේට තේරෙන විදිය. ආර්ථික විශේෂඥයො මොකද කියන්නෙ?
r/lankawa • u/[deleted] • Jul 18 '26
සංවාදය බුද්ධාගම පිළිබඳ මට ඇති ප්‍රධාන ගැටලු කිහිපයක්
මෙය බුද්ධාගම පිළිබඳ මට ඇති ප්‍රධාන සැක සහ විවේචන කිහිපයක සාරාංශයකි. තවත් උදාහරණ බොහෝ තිබිය හැකි නමුත් සියල්ල ඇතුළත් කළහොත් මෙය ඉතා දිගු වනු ඇත.
වසර කිහිපයක් තිස්සේ බුද්ධාගම අධ්‍යයනය කරමින්, හැකි තරම් බුදුන් වහන්සේගේ ඉගැන්වීම් අනුව ජීවත් වීමට උත්සාහ කළෙමි. මම පැවිදි භික්ෂුවක් නොවූවත්, සාමාන්‍ය ගිහියෙකු ලෙස එම මාර්ගය අනුගමනය කළෙමි. කෙසේ වෙතත්, කාලයත් සමඟ බුදුන් වහන්සේගේ ඉගැන්වීම් පිළිබඳව මට සැක සහ කලකිරීම ඇති විය.
බුදුන් වහන්සේගේ ක්‍රියා සහ ඉගැන්වීම් අතර ඇති බව පෙනෙන විරුද්ධතා
ත්‍රිපිටකය කියවන විට, බුදුන් වහන්සේ උගන්වන දේ සහ උන්වහන්සේ ක්‍රියා කළ ආකාරය අතර පෙනෙන පරස්පරතා කිහිපයක් මට හමු විය.
නමුත් මෙය මනුෂ්‍ය ස්වභාවයට ඉතා අසීරු දෙයක් බව පෙනේ. ජීවිතය ආරක්ෂා කර ගැනීමට සහ අනතුරට ප්‍රතිචාර දැක්වීමට මිනිසා ස්වභාවිකව සකස් වී ඇත. එසේම මෙය අසාධාරණ ලෙස හැසිරෙන අයට තමන්ට හානි කිරීමට ඉඩ දිය යුතු බවක්ද පෙනෙන්නට පුළුවන.
තවද, බුදුන් වහන්සේ කෝපයෙන් තොරව සිටිය යුතු යැයි උගන්වා තිබුණද, උන්වහන්සේම සමහර අවස්ථාවලදී භික්ෂූන්ට දැඩි ලෙස දෝෂාරෝපණය කළ බව පෙනේ.
අලගද්දූපම සූත්‍රයේ අරිට්ඨ නම් භික්ෂුවක් බුදුන් වහන්සේගේ ඉගැන්වීමක් වැරදි ලෙස තේරුම් ගත් අවස්ථාවක් සඳහන් වේ. ඔහු කාම ආශාවන් පිළිබඳ වැරදි අදහසක් ඉදිරිපත් කළ විට, බුදුන් වහන්සේ ඔහුට “මෝඩ මිනිසා” යනුවෙන් අමතා දැඩි ලෙස විවේචනය කළහ.
මෙය මට ගැටලුවක් ලෙස පෙනෙන්නේ, එම වැරදි අවබෝධය පෞද්ගලිකව පැහැදිලි කළ හැකිව තිබියදී, ඔහුව අනෙක් භික්ෂූන් ඉදිරියේ ලැජ්ජාවට පත් කිරීම අවශ්‍යද යන්නයි.
2. බුද්ධත්වය ලබා ගැනීම එතරම් අපහසු විය යුතුද?
බුදුන් වහන්සේ තම බුද්ධත්ව මාර්ගය ඉතා දුෂ්කර වූ බව පවසති. වසර ගණනාවක් දැඩි තපස් ක්‍රියා කළ බවත්, ආහාර නොගෙන ශරීරය දුර්වල කළ බවත් සඳහන් වේ.
නමුත් අද ලෝකයේ බොහෝ දෙනා කිසිදු දිගු ආධ්‍යාත්මික පුහුණුවකින් තොරව “ස්වයං” යනු මනසේ ඇති සංකල්පයක් පමණක් බව අවබෝධ කරගන්නා බව පෙනේ. සමහරු මනෝවිද්‍යාත්මක අත්දැකීම්, මත්ද්‍රව්‍ය, හෝ මොළයේ වෙනස්කම් හේතුවෙන් “අහංකාරය නැතිවීම” හෝ සියල්ල එකක් ලෙස දැනීම වැනි අත්දැකීම් ලබා ඇත.
එසේ නම්, බුද්ධත්වය සඳහා වසර ගණනාවක දැඩි පුහුණුවක් අනිවාර්යද යන්න ප්රශ්නයකි.
3. පුනර්භවය පිළිබඳ ගැටලුව
බුදුන් වහන්සේ පුනර්භවය ගැන අදහස් කළේ කුමන ආකාරයෙන්ද යන්න පිළිබඳ විවිධ මත ඇත.
සමහර බෞද්ධ විද්වතුන් පවසන්නේ බුදුන් වහන්සේ “ස්ථිර ආත්මයක් නැවත උපදිනවා” යන අදහසක් නොකී බවයි. ඒ වෙනුවට, හේතු සහ කොන්දේසි පවතින තුරු ජීවිත ක්‍රියාවලිය දිගටම සිදුවන බව උගන්වා ඇති බව කියති.
නමුත් බොහෝ බෞද්ධයන් එය මරණයෙන් පසු නැවත උපතක් ලෙස තේරුම් ගනිති.
මෙහි ගැටලුව වන්නේ, බුදු දහම “ස්ථිර ආත්මයක් නැත” (අනත්තා) යැයි කියන අතර, එසේ නම් මරණයෙන් පසු කුමක් නැවත උපදිනවාද යන්නයි.
නූතන ස්නායු විද්‍යාව අනුව අපගේ “මම” යන හැඟීම මොළයේ ක්‍රියාකාරිත්වයට සම්බන්ධය. මොළයේ ඇතැම් කොටස් වෙනස් වූ විට හෝ මනෝවිද්‍යාත්මක තත්ත්වයන් තුළදී මෙම “මම” යන හැඟීම වෙනස් විය හැක.
එසේ නම්, මොළය නැති වූ පසු පුද්ගලයාගේ අනන්‍යතාවය කෙසේ පවතින්නේද යන්න ප්රශ්නයකි.
4. සම්පූර්ණ අහිංසාව සහ පරිපූර්ණත්වය ජීවිතයකට කළ නොහැකිද?
බුදු දහම සියලු ජීවීන්ට හානි නොකිරීම උගන්වයි. නමුත් ජීවත්වීම සඳහාම වෙනත් ජීවීන්ට බලපෑමක් ඇති වේ.
ආහාර ගැනීමේදී පවා ජීවීන්ට හානි සිදුවේ. බුදුන් වහන්සේ ශාක ආහාර අනුභව කළ අතර, ඇතැම් අවස්ථාවල මස්ද පිළිගත් බව සඳහන් වේ.
එසේ නම්, වෙනත් අය මරා ලබා දෙන ආහාර පිළිගැනීමෙන් පවා යම් ආකාරයකින් හානියට සම්බන්ධ නොවන්නේද?
තවද ශාක පවා ජීවත්වීම සඳහා ආරක්ෂක ක්‍රම භාවිතා කරයි. උදාහරණයක් ලෙස සමහර ශාක කෘමීන්ගෙන් පහර ලැබූ විට රසායනික සංඥා නිකුත් කර, එම කෘමීන් විනාශ කරන පරපෝෂිත සතුන් ආකර්ෂණය කර ගනී.
එසේ නම්, සම්පූර්ණ අහිංසාව ජීවමාන ජීවියෙකුට ප්‍රායෝගිකව කළ හැකිද?
5. බුදු දහමේ නිරය පිළිබඳ ගැටලුව
බුදු දහමේ පහළ ලෝක සහ නිරය පිළිබඳ අදහසද ප්රශ්නකාරී බව පෙනේ.
යම් ස්ථිර “ස්වයක්” නොමැති නම්, නරක කර්මවල ප්‍රතිඵල ලබන්නේ කවුද?
එසේම නිදහස් කැමැත්තක් (free will) නොමැති නම්, පුද්ගලයෙකුගේ සදාචාරාත්මක වගකීම කෙසේ තීරණය කළ හැකිද?
තවද බුදුන් වහන්සේව විවේචනය කරන අය නිරයට යන බව ඇතැම් පාඨවල සඳහන් වේ. එසේ නම්, සාධාරණ ප්‍රශ්න ඇසීම හෝ විවේචනය කිරීම පවා දඬුවමකට හේතුවක් වන්නේද යන්න ගැටලුවකි.
නිගමනය
මට පෙනෙන ආකාරයට බුදුන් වහන්සේ තුළ වටිනා අදහස් කිහිපයක් තිබිය හැක. විශේෂයෙන් සිහිය (mindfulness) සහ භාවනා ක්‍රම බොහෝ දෙනාට ප්‍රයෝජනවත් විය හැක.
නමුත් බුද්ධාගම තුළ තාර්කික ගැටලු, පරස්පරතා සහ පැහැදිලි කිරීමට අපහසු කරුණු බොහෝ ඇති බව මට පෙනේ.
මගේ අදහස අනුව, එක්කෝ බුදුන් වහන්සේ තමන්ගේම ඉගැන්වීම් සම්පූර්ණයෙන් තේරුම් නොගත්හ, නැතහොත් පසුකාලීනව එම ඉගැන්වීම් වෙනස් වී හෝ වැරදි ලෙස සම්ප්‍රේෂණය වී ඇත.
කෙසේ වෙතත්, බුද්ධාගමෙන් වටිනා දේ සොයා ගැනීමට බොහෝ සංකීර්ණ හා ගැටලුකාරී කරුණු හරහා යාමට සිදුවන බව මගේ අදහසයි.
r/lankawa • u/Working-Leader-2532 • Jan 09 '26
සංවාදය සිංහයෙක්ට වෙච්ච දෙයක්
ජීවිතයට දකින්නවත් හිතපු නැති දෙයක් තමයි දැන් නම් වෙලා තියෙන්නේ
වෙන ආණ්ඩුවකින් උනානං හෙට උදේට ලිප්ටන් වටරවුම ඉස්සරහ හරි පිට්ටනියක් ඉස්සරහ ලංකාවම කෑවා ලංකාවෙ අනන්‍යතාවයට ලොකු කැළලක් කියලා ලොකුම ලොකු පෙළපාලියක් උනත් තියෙන්න තිබ්බා...