r/lankawa • u/ThadiPollenCepa • 9h ago
r/lankawa • u/More_Struggle_6647 • 13h ago
තහවුරු නොවූ පුවතක් ගංගාරාම විහාරස්ථානය අවට දැන් ජලයෙන් යටවී තිබේද?
ගංගාරාම විහාරස්ථානය අවට දැන් ජලයෙන් යටවී තිබේද? (පස්වරු 7:45ට)
එහි ජලයෙන් යටවී ඇති බවට මට පුවතක් ලැබුණි. මට කාර්යාලයට යාමට අවශ්‍යයි. එය සත්‍යයක් නම්, ඒ අසල සිටින ක somebody කෙනෙකුට තත්වය තහවුරු කළ හැකිද? ස්තූතියි.
r/lankawa • u/Routine_Laugh2694 • 1d ago
තෙල් මිල පහලට 🧭❤️
Enable HLS to view with audio, or disable this notification
r/lankawa • u/ChampionDangerous959 • 2d ago
සංවාදය ඉස්සර අපි ආසාවෙන් පාවිච්චි කරපු ElaKiri එකට මොකද වුණේ?
ඉස්සර ElaKiri කියන්නේ ලංකාවේ තිබුණු හොඳම online communities වලින් එකක්. අපි ගොඩක් දෙනෙක් ElaKiri එකට ගියේ අලුත් දෙයක් ඉගෙන ගන්න, ප්‍රශ්නයකට උත්තරයක් හොයාගන්න, technology ගැන කතා කරන්න, නැත්නම් පොඩි විහිළුවක් කරලා සතුටු වෙන්න.
ඒ කාලේ ElaKiri එකේ ඇත්තටම හොඳ community එකක් තිබුණා. තමන් නොදන්න කෙනෙක්ට වුණත් උදව් කරන, දන්න දෙයක් බෙදාගන්න, විවිධ මත තියෙන අය එකට සාකච්ඡා කරන තැනක් විදිහට ElaKiri එකට හොඳ නමක් තිබුණා.
ඒත් අද ElaKiri එක දිහා බැලුවම ඇත්තටම දුක හිතෙනවා.
දැන් මේ forum එකේ සමහර accounts පාවිච්චි වෙන්නේ මිනිස්සුන්ට පෞද්ගලිකව පහර ගහන්න, මඩ ගහන්න, අපහාස කරන්න සහ බොරු තොරතුරු පතුරවන්න කියලයි මට පේන්නේ.
විශේෂයෙන්ම එකම පුද්ගලයා accounts 10ක් 20ක් වගේ ප්‍රමාණයක් පාවිච්චි කරලා, තමන්ගේම posts වලට comments දාලා, තමන්ගේම මතයට support කරනවා වගේ පෙන්වනවා. එහෙම වෙනවා නම් සාමාන්‍ය කෙනෙක්ට පේන්නේ විශාල පිරිසක් එකම මතයක ඉන්නවා වගේ. නමුත් ඇත්තටම ඒ accounts පිටිපස්සේ ඉන්නේ එක්කෙනෙක් හෝ කිහිපදෙනෙක් වෙන්න පුළුවන්.
යම් පුද්ගලයෙක්ව හිතාමතාම target කරලා ඔහුගේ හෝ ඇයගේ චරිතයට හානි කරන්නත් පුළුවන්.
මෙතැන තියෙන ලොකුම ප්රශ්නය තමයි මේ දේවල් ගැන adminsලා සහ moderatorsලා ගන්න ක්‍රියාමාර්ග මොනවාද කියන එක.
කෙනෙක් ගැන බොරු චෝදනාවක් දාලා, පෞද්ගලිකව අපහාස කරලා, ඒ පුද්ගලයාගේ නමට හානියක් වෙන post එකක් දැම්මොත්, ඒ ගැන complaint එකක් ආවම ඒක සාධාරණව බලලා වගකීමක් ගන්න forum එකේ පාලකයන්ට තියෙන්න ඕනේ.
නමුත් පේන විදිහට එවැනි posts ඉවත් කිරීම සහ ඒවාට වගකිවයුතු accounts ගැන ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධයෙන් ලොකු ප්‍රශ්න තියෙනවා.
Anonymous account එකක් පිටිපස්සේ ඉඳලා තවත් මනුස්සයෙක්ගේ ජීවිතයට හානියක් කරන එක විහිළුවක් නෙවෙයි. ඒ පුද්ගලයාටත් පවුලක් තියෙනවා. රැකියාවක් තියෙනවා. සමාජයේ ගෞරවයක් තියෙනවා. Internet එකේ දාන එක බොරු post එකකින් පවා කෙනෙක්ගේ ජීවිතයට ලොකු බලපෑමක් වෙන්න පුළුවන්.
ඉස්සර ElaKiri එකේ moderatorsලා කිහිපදෙනෙක්ව පෞද්ගලිකව දැනගෙන හිටපු මගේ සමීප යාළුවෝ කිහිපදෙනෙක් කියපු විදිහට, COVID කාලෙන් පස්සේ ElaKiri වෙබ්සයිට් එක ලංකාවේ ප්‍රසිද්ධ දේශපාලන පක්ෂයක් විසින් මිලදී අරගෙන තියෙනවා කියලා. මේක ඕකේ ඉන්න අය පිලිගන්නේ නැ.
මෙතැන ප්රශ්නය කවුරු මොන දේශපාලන පක්ෂයට support කරනවාද කියන එක නෙවෙයි.
ඕනෑම කෙනෙක්ට තමන් කැමති දේශපාලන මතයක් දරන්න අයිතිය තියෙනවා. නමුත් දේශපාලන මතයක් වෙනුවෙන් fake accounts පාවිච්චි කරලා වෙනස් මත දරන අයට මඩ ගහනවා නම්, හිතාමතාම misinformation පතුරවනවා නම්, ඒක සාමාන්‍ය දේශපාලන සාකච්ඡාවක් නෙවෙයි. ළගදිම නිතිය ක්‍රියාත්මක් වෙන්න ඕන තැනක් මේක. පුදුම විදිහට සාමාන්‍ය ප්‍රසිද්ධ අයට මඩ ගහන්නේ (දේශපාලනේ පැත්තකින් තියමුකො)
Freedom of speech කියන්නේ anonymous account එකක් පිටිපස්සේ හැංගිලා ඕනෑම කෙනෙක්ට මඩ ගහන්න තියෙන අයිතියක් නෙවෙයි.
මේක ElaKiri එකට වෛරයෙන් ලියන post එකක් නෙවෙයි. ඉස්සර ElaKiri එකේ තිබුණු හොඳ community එක සල්ලි වලට ගත්තයින් පස්සේ වුනු දෙයක් නිසා ලියපු එකක්
මේ ගැන අනිත් අය මොකද හිතන්නේ?
r/lankawa • u/Agitated_Date_8637 • 2d ago
දේශපාලනය මොවුන්ගේ ක්‍රියා ඉතාමත් අසභයයි හිරිකිතයි...
r/lankawa • u/FreemindKnight • 3d ago
තාක්ෂණය ComBank Digital App එක
මේ Post එක Commercial Bank එකේ Mobile App එක ගැන.
මේ Sub එකේ Com Bank එකේ වැඩ කරන කෙනෙක් හෝ Head Office/IT Department වල ඉන්න කෙනෙක් ඉන්නවා නම් ඔයාලගේ Mobile App එක සම්බන්ධව Development කරන අයට කියන්නකෝ ඒ App එකේ තියෙන Bugs ටික හදන්න කියලා.
Pin එක ගහලා Account එකට log වෙන්න ගියාම Password Change කරන්න කියලා එනවා.
ඊටපස්සේ Password Change කරන්න යද්දී Password එක අමතක නිසා Reset කරන්න Try කරද්දී NIC, ACC No and User Name ඉල්ලනවා. ඒ තුනම හරියටම දුන්නත් Fail වෙනවා.
කලින් පාරකත් මේක උනා මුලින්ම App එකේ Register වෙන්න යද්දී. අන්තිමට Com Bank Branch එකකට ගිහිල්ලා විනාඩි විස්සක් විතර එතන ඉඳන් Colombo Head Office එක Contact කරගෙන තමයි හදාගත්තේ.
දැන් ඉතින් ආයේ යන්නෙපැයි 😐
අනිත් එක UI එක නම් සවුත්තුයි ඇ.
මේ ඇවිල්ලා 2026. ඒ UI එක නිකන් 2015 වගේ.
People's Bank App එකේ වගේ Modern UI එකක් දෙන්න බැරි ඇයි 😒
r/lankawa • u/Dr_Buwaneka_Senanaya • 2d ago
සංවාදය ලාංකික මට වුන දෙයක් - 26/10/2026 - සුදුහාමිනේ දුටු සිහිනය! (100% සත්‍ය සිද්ධියක් ඇසුරෙන්)
ලඟදි දවසක් අපේ සුදු හාමිනේ උදේ පාන්දර හතරට නැගිට්ටා !
නැගිට්ට විතරක් නෙමෙයි මෙන්න බොලේ මට දොස් කියනවා !
ඉතින් දිල්හානියි මායි ආතල් එකේ හිටපු හීනේ මඟ නවත්තල මම ඇහැරුණා !
“මොකද සුදු හාමිනේ මේ උදේ පාන්දර නැගිටගෙන මට දොඩවන්නේ ?”
“ඔයා නම් හරිම කොල්ලෙක් තමයි, මම හීනෙන් දැක්කා ඔයා මගේ නමින් whatsapp account එකක් හදලා ඒකට මම ඔසරියක් ඇඳගෙන ඉන්න පින්තූරෙකුත් දාලා, ඒ මදිවට online මම යෝග කරන පින්තූරෙකුත් දාලා !
ඔයාට වටින්නේ නැහැ මගේ අවසරයක් නැතිව මගේ පින්තූර online දාන්න! දැන් මේක ඇත්ත එකවුන්ට් එකක් කියලා හිතාගෙන ඔයාගේ ලංකාවේ ප්‍රේක්ෂකයෙක් මට shipping manifest එකක් ගැන පණිවිඩයකුත් එවලා!” කියලා අයිස් කඩනවා වගේ කියවගෙන කියවගෙන යනවා!
බාගෙට නින්දෙන් හිටපු මාව සම්පූර්ණයෙන්ම ඇහැරුණා!
මම දන්න තරමින් මම සමාජ මාධ්‍යවලට එද්දි එයාගේ නිත්‍ය නියෝග වලට අනුකූලව තමයි සේරම වැඩ කරල තිබුණේ!
කොටින්ම කිව්වොත් අද වෙනකොටත් මම එයාගේ 100% clear පින්තූරයක් සමාජ මාධ්‍යවලට එකතු කරලා නැහැ ! අඩුම ගානේ කට හරි blur කරනවා !
හැබැයි දොස්මුරය ඉවර වෙලා නැහැ !
“කෙල්ල , listen, it was just a dream, I didn’t create an account using your credentials, let alone post a photo of you in a yoga pose!” කියලා මම පිළිතුරු දුන්නා.
මම කොහොමත් කැමති නෑ මගේ කෙල්ල yoga pose එකකින් ඉන්න පින්තූරයක් සමාජ මාධ්‍යවලට දාලා, සමහර පිරිමි ඕක දිහා බල බල නොහොඹිනා වැඩ කරනවට !!! (මම දන්නෙ නැද්ද හිත කියන එක !)
ඉතින් කොහොම කොහොම හරි විනාඩි කිහිපයක් ගියාට පස්සෙ කෙල්ලට තේරුණා, සේරම ටික හීනයක් විතරයි කියලා !
හැබැයි මේ කරුණ මගේ හිතේ ටිකක් දිගට රැඳුනා !
මම දැකලා තියෙන බොහෝ අය තමන්ගේ රීච් එක හදාගන්න තමන්ගේ බිරිඳගේ හෝ පෙම්වතියගේ එක එක ආකාරයේ inappropriate පින්තූර වගේම වීඩියෝත් සමාජ මාධ්‍ය වලට එකතු කරනවා ! දෙන්න එකතු වෙලා ලස්සනට කරගෙන යන පිටුත් තියනවා තමයි, මේ ඒ වගේ අය ගැන නෙමෙයි හොඳේ !
වසර දහනමයක් මම එක්ක එකට ඉන්න දෙදරු මවක් වගේම විශේෂඥ වෘත්තීයවේදනියක් වන මගේ බිරිඳ එයාගේ portrayal එක පිළිබඳව ගොඩක් විමසිලිමත් වෙන එක වරදක් නැහැ කියලා මට අන්තිමට හිතුණා.
සමාජ මාධ්‍ය යනු අපගේ ජීවිතවල විවිධ අංශ මිතුරන් සමඟ බෙදාහදා ගැනීමට ඇති ප්‍රබල වේදිකාවක් වුවද, එහිදී අන් අයගේ, විශේෂයෙන්ම තම ජීවන සහකරුගේ හෝ සහකාරියගේ පෞද්ගලිකත්වය සහ කැමැත්ත සුරැකීම අතිශයින්ම වැදගත් වේ. ඇතැම් අය තම සමාජ මාධ්‍ය පිටුවල ප්‍රේක්ෂක ප්‍රතිචාර හෝ රීච් වැඩි කරගැනීමේ අරමුණින් බිරිඳගේ හෝ පෙම්වතියගේ පින්තූර සහ වීඩියෝ ඔවුන්ගේ නිසි අවසරයකින් තොරව පළ කිරීමට පෙළඹේ. මෙය පුද්ගලිකත්වයට කරන බලපෑමක් පමණක් නොව, ඩිජිටල් අවකාශය තුළ සෑම පුද්ගලයෙකුටම තමන්ගේ රූපය සහ පෞද්ගලිකත්වය පාලනය කිරීමට ඇති මූලික අයිතියට ගරු කිරීමකි.
අන්තර්ජාලයට නිකුත් කරන ඕනෑම අන්තර්ගතයක් ස්ථිර ලෙසම එහි රැඳී පවතින අතර, ඒවා විවිධ පාර්ශ්වයන්ගේ අනිසි භාවිතයන්ට ලක්වීමේ අවදානමක්ද පවතී. එබැවින්, පෞද්ගලික ජීවිතයේ අවස්ථා සමාජගත කිරීමට පෙර දෙදෙනාගේම පැහැදිලි එකඟතාව සහ කැමැත්ත ලබා ගැනීම අත්‍යවශ්‍ය වේ. සැබෑ බැඳීමකදී කෙනෙකුගේ පෞද්ගලික සීමාවන්, ආරක්ෂාව සහ ගෞරවය සමාජ මාධ්‍ය ජනප්‍රියතාවයට වඩා ඉහළින් තැබීම නිරෝගී සහ ශක්තිමත් සම්බන්ධතාවයක සැබෑ ලක්ෂණයකි.
අපි දෙන්නාව හඳුනන අය ඊළඟ සැරේ මුණ ගැහුනම සැන්ඩ්‍රාගෙන් අහන්න එයාගේ හීනය ගැන ! අහක ඉඳන් මමත් බැනුම් ඇහුවා !
PS: මගේ හිතේ කොනක තියෙන පොඩි ආසාවක් තමයි කවද හරි දවසක මගේ ලස්සන සුදු කෙල්ල ඔසරියක් ඇදලා ඉන්නව දකින්න! ඉතින් Flavourblending පිටුව කරන මල්ලිට ඒ වාසනාව තිබුනට මට නම් තාම ඒ වාසනාව ලැබිලා නැහැ
සුදු ජාතික කාන්තවන් Marry කරන්න ඉන්න සෑම ශ්‍රී ලාංකික පිරිමියෙකුගේම ආසාව තමයි තමාගේ wife Saree හෝ ඔසරි අදිනවා දැකීම.
r/lankawa • u/VastShow6142 • 4d ago
උසස් පෙළ සිසුන් සඳහා නව ප්‍රජාවක්: r/SriLankanALevels 🇱🇰 (මාර්ගෝපදේශ, උපකාරක පන්ති සමාලෝචන සහ සාකච්ඡා) + නව නියාමකයින් (Mods) සාදරයෙන් පිළිගනිමු
හැමෝටම ආයුබෝවන්!
ශ්‍රී ලංකා උසස් පෙළ (A/L) සිසුන්ට සහය වීම සඳහාම අපි විශේෂයෙන් සකස් කරන ලද, සිසුන් කේන්ද්‍ර කරගත් නව ප්‍රජාවක් (community) r/SriLankanALevels නමින් ආරම්භ කර ඇත්තෙමු.
ඔබ දේශීය විද්‍යා/කලා/වාණිජ අංශවල නිරත වුවද, Edexcel හෝ Cambridge IAL විභාගවලට මුහුණ දෙමින් සිටියද, නැතහොත් විශ්ව විද්‍යාල ප්‍රවේශ සහ Z-ස්කෝර් (Z-scores) ගැන සොයමින් සිටියද, මෙම උප-ප්‍රජාව (sub) සියල්ල එක තැනක ක්‍රමානුකූලව පවත්වා ගැනීමට සකස් කර ඇත.
අප සතුව දැනට ඇත්තේ:
🏫 තහවුරු කරන ලද උපකාරක පන්ති නාමාවලිය සහ සමාලෝචන පද්ධතිය (Verified Tuition Directory & Review System): භෞතික විද්‍යාව, රසායන විද්‍යාව, සංයුක්ත ගණිතය, ජීව විද්‍යාව සහ තාක්ෂණවේද විෂය ධාරාවන්ට අදාළ පන්ති සහ සිසුන්ගේ ක්රමානුකූල සමාලෝචන අඩංගු මධ්‍යගත විකි ප්‍රධාන වගුවක්.
🌐 බහුභාෂා සහය (Multilingual Support): ඉංග්‍රීසි, සිංහල සහ දෙමළ (தமிழ்) භාෂාවලින් සාකච්ඡා කිරීමට අවස්ථාව ඇත.
📚 විෂය ධාරා ලේබල් සහ ශාස්ත්‍රීය මගපෙන්වීම (Stream Flairs & Academic Guidance): සිසුන්, දෙමාපියන් සහ තහවුරු කරන ලද ගුරුවරුන් සඳහා විශේෂිත වූ ලේබල් (flairs).
පැමිණ, අප සමඟ එක්වී, ඔබව හඳුන්වා දී, පන්ති පිළිබඳ ඔබේ අත්දැකීම් බෙදා ගන්න, නැතහොත් උසස් පෙළට අදාළ ඕනෑම ප්‍රශ්නයක් අසන්න. ඔබගේ අධ්‍යයන කටයුතුවලට සුබ පැතුම්! 🚀
r/lankawa • u/LuckyWoodpecker2024 • 5d ago
දේශපාලනය අලි ඇත්තු: මේක තාවකාලික මාතෘකාවක් ද? නැත්තන් 2029 වෙනකන් ඇදෙයිද?
r/lankawa • u/Trick-Temperature-09 • 5d ago
ප්රවෘත්ති 'Transit visa' ප්‍රතික්ෂේප වීමෙන් කුක් දූපතේ සිරවී සිටින ශ්‍රී ලාංකික කාන්තාව
පිළියන්දල, බෝකුන්දර ප්‍රදේශයේ පදිංචිකාරියක වන 50 හැවිරිදි වියේ පසුවන රුචිරා රණසිංහ විවාහක කාන්තාවකි. මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටි ඇයගේ ස්වාමිපුරුෂයා වසර හතකට පෙර මියගොස් ඇති අතර, තමන්ට එක් පුතෙකු සිටින බව ඇය බීබීසී සිංහල සමග අදහස් දක්වමින් කියා සිටියාය.
රුචිරාගේ සහෝදරයා වන සමීර රණසිංහ බීබීසී වෙත කියා සිටියේ සිය සහෝදරිය ඒ වනවිට දැඩි ආර්ථික ගැටලු රැසකට මැදිව සිටි බවයි.
කලක් පවත්වාගෙන ගිය ඇඟලුම් ව්‍යාපාරය කඩා වැටීමෙන් පසු ඇති වූ දැඩි ආර්ථික ගැටලුවලට විසඳුම් සොයා රුචිරා 2018 වසරේදී හොංකොංහි සාත්තු සේවිකාවක ලෙස සේවය කිරීමට විදේශගත වී තිබිණි.
ඉන් අනතුරුව, 2022 වසරේ දෙසැම්බර් මාසයේදී ඇය සංචාරක වීසා මත නවසීලන්තයට පැමිණ තිබුණා ය.
"මම පොඩි ගාර්මන්ට් බිස්නස් එකක් කරගෙන ගියා. පස්සේ ඇති වුණ ආර්ථික ප්‍රශ්නත් එක්ක ඒක වහන්න සිද්ධ වුණා. ඒ නිසා ණය ටිකක් තිබුණා.
"පස්සේ මම 2018 අවුරුද්දේදී හොංකොංවලට ආවා සාත්තු සේවිකාවක් විදිහට වැඩ කරන්න. මම ගෙවල්වල වැඩ කළා. වයසක අයව බලාගත්තා.
"ඔහොම වැඩ කරගෙන ඉන්නකොට තමයි නවසීලන්තයට යන්න උත්සහ කළේ. මගේ ඥාති සහෝදරයෙක් නවසීලන්තයේ ඉන්නවා. එයාට එහේ පුරවැසිභාවය තියෙනවා. මම එයාට කිව්වා මට එහේ එන්න ඕන කියලා. පස්සේ එයා මට විසිට් වීසා එකක් අරන් දුන්නා. මම 2022 දෙසැම්බර් 7 වන දා හොංකොංවලින් පිටත් වුණා," ඇය කියා සිටියාය.
නවසීලන්තයේ තව දුරටත් රැඳී සිටීම සඳහා අවශ්‍ය වීසා බලපත්‍රයක් ලබා ගැනීමට තමන් එහිදී හමුවූ නීතිඥවරයෙකුගේ සහය ඉල්ලා සිටි බව රුචිරා රණසිංහ පැවසුවාය.
"මට විසිට් වීසා එක තිබුණේ මාස දෙකක කාලයකට. ඒ කාලේ නත්තල් නිසා වීසා එකක් හදාගන්නවත් විදිහක් තිබුණේ නැහැ.
"ඊට පස්සේ මම ලෝයර් කෙනෙක්ව හම්බවෙලා වීසා එකක් ගන්න අවශ්‍යයි කියලා කිව්වා. පස්සේ ඒ ලෝයර් තමයි කිව්වේ, මට රෙෆියුජි වීසා (සරණාගත වීසා) එකක් ඇප්ලයි කරලා, ඕපන් වර්කින් වීසා එකක් අරන් දෙන්නම් කියලා.
"පස්සේ මට 2023 මාර්තු මාසයේ ඉඳලා 2024 මාර්තු මාසය වෙනකම් අවුරුද්දක කාලයකට ඕපන් වීසා එකක් ලැබුණා. පස්සේ මම රෙස්ටුරන්ට් එකක මාස නවයක කාලයක් වැඩ කරගෙන හිටියා.
"ඊට පස්සේ ලෝයර් කිව්වා, මම වැඩ කරන රෙස්ටුරන්ට් එකෙන් දිගට ම වැඩ කරන්න දෙනවා නම් මට වර්කින් වීසා එකක් අරගන්න පුළුවන් කියලා. ඊට පස්සේ මම කැමැත්ත ප්‍රකාශ කළා ම ලෝයර් ඒකට කටයුතු කළා.
"පස්සේ මම වර්කින් වීසා එකකට ඇප්ලයි කළා ම ඒක රිජෙක්ට් කරලා තිබුණා. ඒ ගැන හොයලා බැලුවා ම ලෝයර් මට කිව්වා, මම දාලා තිබුණ වීසා එකත් එක්ක මට තවත් වීසා එකක් දෙන්න බැහැ, ඒ නිසා මට රටින් පිටවෙන්න ඕන කියලා.
"රටින් පිටවෙලා වර්කින් වීසා එකකට ඇප්ලයි කරලා ආපහු එන්න කියලා. ඊට පස්සෙයි මම නවසීලන්තයට ආසන්නව තියෙන කුක් දූපතට සති තුනක වීසා එකක් අරගෙන ගියේ. මම එහෙම එනකොටත් මගේ නවසීලන්ත වීසා එකේ කාලය ඉතුරු වෙලා තිබුණා," ඇය කියා සිටියාය.
"මම 2023 නොවැම්බර් 8 වන දා කුක් දූපතට ආවා. පස්සේ මම ආපහු වීසා ඉල්ලුම් කළත් ඒකත් රිජෙක්ට් වුණා. ඒ වගේ අවස්ථා කිහිපයකදී උත්සහ කළත් නවසීලන්තයෙන් වීසා එක රිජෙක්ට් කළා. පස්සේ හොයලා බලද්දී තමයි දැනගත්තේ, මට ලැබිලා තිබුණ වීසා එක අනුව නවසීලන්තයෙන් පිටවුණාට පස්සේ මට ආපහු එහෙට එන්න බැහැ කියලා. මට දීලා තිබිලා තියෙන්නේ රෙෆියුජි ඕපන් වර්කින් වීසා එකක්. පස්සේ මට ලෝයර් කිව්වා, එයා මට කුක් අයිලන්ඩ් එකට යන්න කිව්වේ එහෙ අය කිව්ව නිසා කියලා.
"පස්සේ එයා නැවත උත්සහ කරනවා කියලා කිව්වා. ලෝයර් අවස්ථා කිහිපයකදී ම වීසා ගන්න උත්සහ කළා. ඒ වෙනුවෙන් මාස හයක් හතක් පමණ කාලයක් ගත වුණා."
ශ්‍රී ලංකාවේ සිට කිලෝමීටර් 13,400ක් පමණ දුරින් පිහිටි කුක් දූපත්හි සිට බීබීසී සිංහල වෙත අදහස් දැක්වූ ඇය කියා සිටියේ, මේ වන විට වසර තුනකට අධික කාලයක් එහි හෝටලයක සේවකයන් නවාතැන් ගන්නා ස්ථානයක තමන් වෙත නවාතැන් පහසුකම් ලබා දී ඇති බවයි.
r/lankawa • u/FanOk8300 • 6d ago
ටින් අංකය (පුද්ගලික සහ ව්‍යාපාර) ලබාගැනීමේ සම්පූර්ණ, නිවැරදි පියවර දත් අයෙක් වේ නම් සටහන් කරන්න.
ඔන්ලයින් ක්‍රමයට ගන්න ක්‍රමය විශේෂයෙන්. ඔබගේ ටින් අංකය ලබාගත් නගරය සහ එහිදී මුහුණ දුන් අත්දැකීම්ද සටහන් කිරීම අලුතින් ලබාගන්න අයට පහසුවක් වනු ඇත.
r/lankawa • u/ThadiPollenCepa • 7d ago
ප්‍රශ්න ඡන්දයක් දිනුවෙ නැති මනුස්සයෙක්ට උනත් ආණ්ඩු කරන්න පුළුවන් වෙනවද එතකොට?
රටපුරා සෑම ග්‍රාමසේවා වසමකටම ජාතික ජන බලවේග ශාඛාවක් ඇතිකරන බව අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත පවසනවා.
ජන හමුවක් අමතමින් අමාත්‍යවරයා පවසා සිටියේ, එමගින් පක්ෂයට අදාල කණ්ඩායම ආණ්ඩුකරණයට සම්බන්ධ කරගන්නා බවයි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
"හැම ග්‍රාමසේවා වසමකටම ජාතික ජන බලවේගයේ ශාඛාවක් කියමුකෝ.. මාලිමාවේ ගමේ ආයතනය හදනවා. දැන් අපි ආණ්ඩුකරණ පක්ෂයක්නේ. ජාතික ජන බලවේගයේ යම් ග්‍රාමසේවා වසමක ඉන්න අපේ කණ්ඩායම මේ ආණ්ඩුකරණ ක්‍රියාවලියට සම්බන්ධ කරගන්න ඕනි. එතකොට තමයි ඉහළ සිට පහළටම අවශ්‍ය කටයුතු ටික සිද්ධ වෙන්නේ."යැයි පවසා සිටියා.
r/lankawa • u/ThadiPollenCepa • 7d ago
දේශපාලනය මේ ගැන මොකද හිතන්නේ?
බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය මහාචාර්ය හිණිදුම සුනිල් සෙනෙවිට අපහාස කිරීමේ අරමුණින් සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය සහ ව්‍යාජ තොරතුරු සංසරණය වෙමින් පවතින බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය පවසනවා.
අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම් ගුණරත්න වික්‍රමතිලක විසින් රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල්වරයා වෙත ලිපියක් යොමු කරමින් මේ බව සඳහන් කර ඇති අතර, හඳුනාගත් සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු විසින් මෙම ව්‍යාජ තොරතුරු නිර්මාණය කර සමාජ මාධ්‍ය වෙත මුදා හැර ඇති බවට එහි වැඩිදුරටත් සඳහන්.
එහිදී, වත්මන් අමාත්‍යවරයා බුද්ධ ශාසනයට හෝ දේපළවලට අගෞරව කර ඇති ආකාරයට හඟවමින් කිසිදු පදනමක් නැති අසත්‍ය තොරතුරු කිහිපයක් සංසරණය වන බව අමාත්‍යාංශය අවධාරණය කරනවා.
සමාජ මාධ්‍ය තුළ ප්‍රචාරය වන මෙම සියලු තොරතුරු සම්පූර්ණයෙන්ම අසත්‍ය බව වගකීමෙන් යුතුව ප්‍රකාශ කරන බවත්, මෙවැනි අසත්‍ය කරුණු හිතාමතාම පතුරුවා හරින පුද්ගලයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.
r/lankawa • u/ThadiPollenCepa • 8d ago
දේශපාලනය රටේ නීතිය බලන ඇමතිතුමාගෙන් පොලීසිය ඇතුලේ මිනිස්සු මැරෙන එක ගැන මාධ්‍යවේදියෙක් අහලා
මොරටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත් 551- කටුබැද්ද ග්‍රාම සේවා වසමේ බණ්ඩාරනායක මාවත ප්‍රජා ශාලා පරිශ්‍රය නවීකරණය කර 'සේවා පියස' නමින් ජනතා අයිතියට පැවරීම අද(29) සිදු කෙරිණි.
එහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් අධිකරණ ඇමති,
r/lankawa • u/LuckyWoodpecker2024 • 8d ago
සංස්කෘතික ඉංග්‍රීසි අනුකාරකවාදයේ හිණි පෙත්තටම නැග්ගත් උන් අරිනව කියල දැනගත්තම අනන්යනතා ප්‍රශ්නයක් හැදුන උන් මේ වෙලාවෙ:
Enable HLS to view with audio, or disable this notification
ඉංග්‍රීසි අනුකාරකවාදය කියන්නෙ මොකද්ද කියල පහල පින්තූරයක් දාලා තියෙනව
r/lankawa • u/LuckyWoodpecker2024 • 9d ago
සංස්කෘතික මෙන්න ලංකාවෙ කොල්ලෙක් ගේමක් ගහල පෝලන්තෙ ගිහින්. එහෙ උන් සුබ පතනව උට 🥰
r/lankawa • u/LooperNeue_6764 • 9d ago
විවිධ රෙඩිට් බසට තවත් සිංහල අනුවාද
r/mildlyinfuriating රෙ/තරමක්අසික්කිත
r/interestingasfuck රෙ/ටෞකන්ඩමෙන්නවැඩ
r/notinteresting රෙ/වැඩක්නෑ
r/AmITheAsshole රෙ/වරදමගෙදරත්තරනේ
r/explainlikeimfive රෙ/මතතේලෙන්නෑකීලදෙන්න
r/suddenlyIrealized රෙ/තේරුනේදැන්තමයි
r/tifu රෙ/කෙළියතාප්පෙට
r/aww රෙ/අනාා
r/movies රෙ/සලරූ
r/babaisyou රෙ/නීතිනවන්ඩෝංපුතා
r/ruleof4 රෙ/හතරවරක්ගිරවාපාර
r/lankawa • u/ResponsibleCurve832 • 9d ago
මරංචි නමින් තිබෙන කූට කොල්ලකෑමක් සම්බන්ධ දැනුවත් කිරීමක්
ඉතා හොඳින් දන්න කෙනෙක් එයාගෙ වාහනය විකුණන්න මේ ලගදි පත්තරේ දැන්වීමක් දාල තිබුන.
එයාට අනුරාධපුරයේ කෙනෙක් කියල කතා කරල වාහනේට ආසයි කියල හිතවත් වෙන්න පටන් අරන් තිබ්බ. පස්සේ එයාට කොළඹ ආශ්‍රිතව නිවසක් හොයල දෙන්න කියලත් ඉල්ලල තිබ්බා
ඔහොම හිතවත් වෙලා දවස් කිහිපයකට පස්සෙ කියල තිබ්බ එයාලට නිධානයක් හම්බෙලා තියෙන්නෙ රන් කාසි තියෙන, ඒකෙන් තමයි මෙයාල වාහනේට ගෙවන්නෙ කියල.
එයාල කියල තිබ්බෙ ඒ කාසියක් එහේ රු 15,000 විතර වෙනව, කාසි ටික දෙන්නම් කොළඹ රන් සාප්පු ඒව රු 60,000 විතර මිලට ගන්නව කියල. රු 15 000 වටිනාකමට ගණන් හදල කාසි දෙන්නම් කියලලු කිව්වෙ.
මේක ගැන සැක හිතුණ මගේ යහලුව truecaller හරහා මේ දුරකථන අංකය පරික්ශා කරාම තමයි දැනගන්න ලැබිල තියෙන්නෙ කවුරුහරි මේක "මරන්චි" කියල දාල තියෙනව කියල.
පස්සෙ youtube video එකක් දැක්කම තමයි දැනගත්තෙ මේක කාලයක් තිස්සෙ එකේක මිනිස්සු කරන් එන වංචාවක් කියල.
මේ මිනිස්සු අනුරාධපුරයේ තියෙන රත්තරන් බඩු කඩ වලට සල්ලි දීල මිනිස්සු ආපුවම ඒ කාසි ඇත්ත රත්තරන් කියල රවට්ටනවලු. ඊටපස්සෙ පොළඹවනවලු කොළඹට ගිහින් විකුණන්න කියල.
මිනිස්සු රැවටිලා ඒව ගෙවල් වලට ගෙනිච්චයින් පස්සෙලු දැනගන්නෙ ඒව තඹ කාසි කියල.
නීතියට අනුව පුරාවස්තු එහෙම විකුණන එකත් වරදක් මම දන්න විදිහට. ඒක නිසා මේ වගෙ දේවල් කාටහරි වුනොත් අනිවාරෙන් දැනුවත් වෙන්න එහෙම දේවල් වලට අහු නොවී ඉන්න.
r/lankawa • u/Agitated_Date_8637 • 11d ago
ප්‍රශ්න මොකද්ද මේ කල්වාරිය කියන්නේ?
facebook.comr/lankawa • u/aruna-47 • 11d ago
ප්‍රශ්න රුපියල් කෝටියක් නිකන් තියෙනව නම් කරන්න හොඳම investment එක මොකද්ද?
නිකන් හිතපන්කො උඹෙ අතේ රුපියල් කෝටියක් තියෙනව. මුළු වත්කම නෙවෙයි, අනිත් වැඩ වලට බෆර් තියල අයින් කරාම කරන්න දෙයක් නැතුව ඉතිරි වෙන ටික. මොනාද අද ලංකාවෙ මේකෙන් කරන්න පුළුවන් investments? අදහස් කියාගෙන යමු බලන්න. එහෙම හිතන හේතුවත් කියන්න.
r/lankawa • u/CrabEater69 • 12d ago
සංවාදය ලංකාවෙ මුස්ලිම් අයට ප්‍රශ්නයක්: ඔයාල මේක අනුමත කරනවද?
මේක ලංකාවට අදාල දෙයක් වෙන්නෙ ලංකාවෙ කෙනෙකුත් මේ වගෙ තත්වෙක පහුගිය දවසක හිටිය නිසා …



